Sunday, December 1, 2013
ආදර ගඟුලෙහි
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු
මල් වැල් වන විල් පිරී ගියේ සෙවණ දෙවන්නලු
බිඟු නඳ විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ අපට බලන්නලු
දෙනෙතට කඳුළැලි තුරුල් කළේ පෙමට අඬන්නලු
පෙමට අඬන්නලු
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු
මී වද මී පැණි පිරී ගියේ දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ නුවන පිනන්නලු
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ ඔබව ලබන්නලු
ඒ හැර ලැබුණත් ඵලක් නැතේ ඉසුරු මැණික් මලු
ඉසුරු මැණික් මලු
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක සහ ශ්‍රීමතී තිලකරත්න
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment