Sunday, December 1, 2013

නාඳුනන සිහිනේ

ග ම රි ග
ග ම රිගස
....//

නාඳුනන සිහිනේ
සාගරය විලසේ
දුර ඈතටම ඇදුණේ
රළ පාවෙවී බිඳුණේ
වේදනා නංවා
ආදරේ හංගා


මාගෙ හද පතුලේ
සාගරය තරමේ
මගෙ ආදරය රැඳුණේ
ඔබ නෑ එලෙස බැඳුණේ
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා

නාඳුනන සිහිනේ
මහ සාගරය විලසේ

හහහ හා හහා

ආදරය හමුවේ
ආ ගමන සිහිවේ
දුර යා හැකිද සෙනෙහේ
හිත වාවනුය බැරිවේ
හඬනා යාමේ (හහහ හා
මා තනි වූයේ (හහහ හා

මා හදට දැනුණේ
මා ළඟම රැඳුණේ
මුදු ඒ සුවඳ විතරයි
දුටුවේ කඳුළු බිඳුවයි
කඳුළ මට මිතුරුයි (හා හා හා හා
තනිය මට උරුමයි (හා හා හා හා
කඳුළ මට මිතුරුයි (හා හා හා හා
තනිය මට උරුමයි (හා හා හා හා

නාඳුනන සිහිනේ
මහ සාගරය විලසේ

ග ම රි ග
ග ම රිගස
....//

නාඳුනන සිහිනේ
සාගරය විලසේ
දුර ඈතටම ඇදුණේ
රළ පාවෙවී බිඳුණේ
වේදනා නංවා
ආදරේ හංගා


මාගෙ හද පතුලේ
සාගරය තරමේ
මගෙ ආදරය රැඳුණේ
ඔබ නෑ එලෙස බැඳුණේ
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා

දුක වැඩි හන්දා
මම ඉකිබින්දා


නාඳුනන සිහිනේ  (ග ම රි ග ග ම රිගස)
මහ සාගරය විලසේ ...//

ගායනය - නිරෝෂා විරාජිනී
පද - ඩෙන්සිල් නුගේගොඩ
තනුව - අතුල අධිකාරි



Nadunana Sihine - Nirosha Virajini

No comments: