Sunday, December 1, 2013

සඳ රාජිනී



සඳ රාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ
පාලුවේ
වේදනා
මා දවාවී
සඳරාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

ඈ හා බැඳී
ආවා එදා
සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා
සුවඳේ වෙලී
සංසාරයේ ඉන්න මා හා
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කළේ
මායාව සේ
වැලපෙන්න දෝ මේ ලෙසින්

සඳරාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

රෑ තුන්යමේ
හඬනා මගෙන්
වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ
සුළඟේ රැඳී
කාටත් හොරා
මාගේ ළඟින් ඉන්නදෝ
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කළේ
මායාව සේ
පළිගන්නදෝ මේ ලෙසින්

සඳ රාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ
පාලුවේ
වේදනා
මා දවාවී
සඳරාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

ගායනය - නිරෝෂා විරාජිනී
පද - රොඩ්නි විදානපතිරණ
තනුව - සරත් ද අල්විස්

No comments: