ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා.....අම්මා.....
දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා....අම්මා.....
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ළඟ නැත
අම්මා....අම්මා.....
දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කළ
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා.....අම්මා.....
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය දොරට වැඩියේ 1982 දී සින්ග්ලංකා ලේබලයෙන් නිකුත්වූ "සඳකඩපහණ" කැසට් පටයෙන්. 2001 වසරේදී එය නැවතත් " නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.
No comments:
Post a Comment