දංගෙඩියට ගෙන යන ගමනේ
වදක
බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි
ලොබ සිතුවාලූ
කදිමයි ලොබ සිතුවාලූ
අනේ
මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)
මිනිසුනි
ලැබේද ඉන් සැනසීමක්
බුදු
පුතෙකුන් පිඬු සිඟා වැඩිය හොත්
දෙන්නට
වේ යැයි සැක සිතලා
මහ
ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි
කොමු පිස කෑවේලූ
පැණි කොමු පිස කෑවේලූ
අනේ
මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)
මිනිසුනි
ලැබේද ඉන් සැනසීමක්
සුරා
සොඬෙක් ගිරි කුලකින් විසිවී
මහ
පොළොවට පාවී එද්දී
ගත
දැවටෙන මේ සීත පවන් රැලි
අහෝ
සැපයි කීවාලූ
අහෝ සැපයි කීවාලූ
අනේ
මෙහෙම තණ්හාවක්, (අනේ මෙහෙම ආශාවක්)
මිනිසුනි
ලැබේද ඉන් සැනසීමක් .....///
ගායනය
- සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද
- පරාක්‍රම කොඩිතුවක්කු
තනුව
- ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී
ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස”
කැසට් පටයටත්, 1998 දී “නව රිද්ම ගී 16” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2005 දී “සුනිල් ගී 22”
සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.
No comments:
Post a Comment