Saturday, December 7, 2013

නීල කොබෙයි

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ ...//
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා //

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ ...//
ඒ තාලෙට වරල් සළාලා //
නව අවුරුදු නැටුම් නටනවා //

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ ...//
ගසුයි වැලුයි මලින් පිරෙණවා //
ගම්මානෙට අවුරුදු එනවා //

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා ...//
බාල ලියන් ටිකිරි හිනා වේ //
රිදී එළිය ගමට ගෙනාවේ //

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ ...//
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා ///

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: