Saturday, December 7, 2013

මේ ගුරු පාරේ

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත ...//
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

ඉර හඳ ඇසුවා ඇල දොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ ....//
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හඳට ඇල දොලට කතා බැහැ

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: