Saturday, December 7, 2013

කඳුළු කතාවේ

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා ...//
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා සෙමින් මැකී ...//
දෙගුරුන් මිතුරන්
සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනිවූයේ

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

සුසුමක පාකර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා ...//
ගෙවූ අතීතෙන්
අප සමුගන්නෙමු
අළුත් ලොවක රන් කිරුළු දරා

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණු දා
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැඳුනා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - බුද්ධදාස ගලප්පත්ති
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: