Saturday, December 7, 2013

ඔබේ නමින් සෑය බඳිමි

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි

උනා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති රත්න තිලක පැළඳි ලියේ
සිනාසිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නළලත අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම පාන හඬට හඬන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: