Saturday, December 7, 2013

රන් දහදිය බිංදු බිංදු

රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු ...//
ගතිනි හලා
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු //

දෑතේ රන් වළලු දඟේ
ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ
සිරියාවයි රටට මගේ  ...//

නෙළුම් කෙතේ ළන්දු ළන්දු
සොඳුරු කිඳුරු ළන්දු ළන්දු ...//
දෙවි පිහිටෙන්
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු //

බුලතේ රත දුටිමි තොලේ
මට නොවෙදෝ මුකුළු ක‍ළේ
රන් ගොයමේ නෙළන ක‍ලේ
මන බැදුනා පබළු වැලේ ...//

රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු ...//
ගතිනි හලා
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු ...

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - ඩෝල්ටන් අල්විස්

තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව 

No comments: