Saturday, December 7, 2013

සඳ හොරෙන් හොරෙන්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී ම්…..ම්…..
මහත් වියරුවෙන්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා ම්…..ම්…..
ඔබේ සිසිලසින්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ප්‍රේමසිරි කේමදාස

 මේ ගීය ගැන "නිවාලන්න මා ඔබේ සිහිලසින්" මැයෙන් සිළුමිණ 'පුන්කලස' අතිරේකයේ 'තත්සර ඇසුර' ට ධම්මික බණ්ඩාර ලියූ විචාරයක්.

No comments: