Tuesday, December 3, 2013

මගේ සෙනෙහස


මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - බණ්ඩාර කේ. විජේතුංග
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී මගේ සෙනෙහස කැසට් පටයටත් 2001 දී The best of Sunil 1 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: