Saturday, December 7, 2013

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
නෙත ගිය ගිය අත සනසන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
(ගීයේ මුල් රචනයෙන් කොටසක් පමණි මෙහි ගැයෙන්නේ)
මෙම ගීය රචනා වූයේ "පරෙවිය" ඉඟි නළුව ටයි. සුනිල් සාන්තයන් විසින්ද මෙම ගීය වෙනත් තනුවකට ගයා ඇත. (සුනිල් සාන්ත ගැයූ ගීය)

No comments: