Sunday, December 1, 2013

මං කිරිල්ලියක්

මට කිරිල්ලියක් වෙන්න ඇත්නම්
නිදහසේ ඉගිල්ලෙන්න
හිතෙන හිතෙන තැන්වල නවතින්න
ඒත්
මං . . මේ මං . . . මං කිරිල්ලියක්
මං කිරිල්ලියක්
මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ

තටු කපන්නෙ ඇයි
හද මවමින් අඳුරු කුණාටූ ...//

මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ

තටු කපන්නෙ ඇයි
හද මවමින් අඳුරු කුණාටූ ...//

නිල් අහස අයිති අපටයි (අහස අයිති අපටයි)
ඔව් අත්තටු ඇති අයටයි (තටු ඇති අයටයි)
මේ ගමන අළුත් ලොවටයි
වැට කඩුළු ලෑම නිවටයි
වැට කඩුළු ලෑම නිවටයි

මං කිරිල්ලියක් තමයි
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ

තටු කපන්නෙ ඇයි
හද මවමින් අඳුරු කුණාටූ ...//

ගඟ ගලන්නෙ සමුදුරටයි
ඔව් බාධක නම් එමටයි
තටු ලැබෙන්නෙ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි
තටු කපන්නේ බැරි කමටයි

මං කිරිල්ලියක් තමයි
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ

තටු කපන්නෙ ඇයි
හද මවමින් අඳුරු කුණාටූ ...//

ගායනය - නිරෝෂා විරාජිනී
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහින්ද බණ්ඩාර

No comments: