Wednesday, December 4, 2013

සාගරය පරදා



සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා මැකී ගියා

සිනමාහලේ දී
උයනේ මඟේ දී
ප්‍රේම නගරයේ
අපෙ ප්‍රේම පුවතේ
දෙදෙනාට මැදි වී
ආව නිහඬ වී
අද මා යෙහෙළී
ඔබගේ මිහිරී

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා මැකී ගියා

පෙර මාගෙ දෑතේ
බැඳි දෑත ඈගේ
දෑතෙ පෑහිලා
මල හා ජලාසේ
විලසේ බැඳේවා
වේවි වාසනා
දෙදෙනා සැරදේ
ජය වේ
ජය වේ

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා මැකී ගියා
ඔබේ කතා මැකී ගියා

ගායනය: ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් ද අල්විස්

No comments: