Wednesday, December 4, 2013

මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා


මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා

දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
කළ පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා
සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුළැලි බොනවා

ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙණහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


1984 දී නිකුත්වූ "පිනිබර යාමේ" කැසට් පටයෙන් දොරට වැඩි මෙම ගීය 2003 වසරේදී නිකුත්වූ "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: