ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා ...//
රන් ගිර හිස හිරු හිනැහෙත
එළියෙන් මුළු ලොව දිදුලත
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක්
එළිවනු දැක
ම සිත බැබළියේ
රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා
පන්හිඳ ගෙතු ගී ගැයවෙත
මිහිරෙන් තුන් හිත නැහැවෙත
නමුදු ගීය දුන් මිහිරට
උවම් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
ම සිත නැළවියේ
රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතෙන ගීය සමානා ....///
ගායනය - නිරෝෂා විරාජිනී
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - බන්ධුල නානායක්කාරවසම්
No comments:
Post a Comment