Friday, March 27, 2015

මගේ ජීවිතේ පුරා

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමී
සඟවා තබා ගමී

සඳ සෙවණේ අපි තරු ගැණලා
ඒ තරමට පැතුමන් පුරලා ...//
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ ...
අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ
අඳුරෙන් වැසී ගියේ

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමී
සඟවා තබා ගමී

සුදු වැලි යට අද සැතපීලා
ඝණ අඳුරින් ලෝකය වැසිලා ...//
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ ...
යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා
වෙනදා වගේ සදා

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමී
සඟවා තබා ගමී ///

ගායනය - සේනානායක වේරලියද්ද
පද රචනය - ශාන්ත දේශබන්දු
තනුව - සේනානායක වේරලියද්ද

No comments: