Thursday, March 5, 2015

වක්කඩ ළඟ

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩපැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලින් විදුලිය කෙටුවා

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා

ගල මතුපිට මල පිපෙන්න - (ගල මතුපිට මල පිපෙන්න)
මල වට බඹරිදු නටන්න  - (මල වට බඹරිදු නටන්න)
වැහි වැහැලා ගඟ පිරෙන්න - (වැහි වැහැලා ගඟ පිරෙන්න)
ගඟ උතුරා හිත පිරෙන්න  - (ගඟ උතුරා හිත පිරෙන්න)

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිදු නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්
හිනාවෙයන් කළු හිනාවෙයන්
හිනාවෙයන් කළු හිනාවෙයන්

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: