Thursday, March 5, 2015

වසන්තයේ මල්

වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මග බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා..//

අහස පොළොව ගිනියම් අව්වේ
ගහ කොළ මැළවෙන ගිම්හානේ..//
අවසානේ ඔබ ආවා

ඔබ අතවූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා

සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා//

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: