හඬවන්න මා රළ බිඳින සයුර සේ
රිදවන්න මා පෙති සිඳින කුසුම සේමට සැපතකී ඒ
ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ
මුළු තිස් පැයේ මඟ බැලූ නෙත ගිලී
රෑ තිස් පැයේ සිත වැදී ලැව් ගිණී
හිස අත තැබූ තෙම තෙමා කඳුළිනී
පෙම්වත අනේ ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ
හඬවන්න මා රළ බිඳින සයුර සේ
රිදවන්න මා පෙති සිඳින කුසුම සේ
මට සැපතකී ඒ
ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ
ගිරිකුළ ඔබයි මා සුළං රැල්ලකි
වනපෙත ඔබයි වන මලකි මා තනි
සැඩ හිරු ඔබයි පිණි පොදකි මා රැඳි
ඇයි හිමියනේ ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ
හඬවන්න මා රළ බිඳින සයුර සේ
රිදවන්න මා පෙති සිඳින කුසුම සේ
මට සැපතකී ඒ
ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment