Sunday, March 15, 2015

ලොව නිසසල වී

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනහා සලා
ලොව දොඩමලුවී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා ...//

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳ වී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කථාව ලස්සන

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනාසලා
ලොව දොඩමලුවී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහ වෙලා

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කර ගනු මැන

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනාසලා
ලොව දොඩමලුවී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහ වෙලා ...//

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: