Sunday, March 15, 2015

මගෙ හිත පිරී තිබෙන්නේ

මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන සිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ

අප ළං  කරවා
කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි

මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන සිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ

කඳුළැල් මැදුරේ
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන්
දළුලන තුරුවැල්
මට ඔබ ගැන පවසයි
වසන්තය කියන්නේ ඔබටයි මටයි///

ගායනය - නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: