කහවන් ගොයමට රන්දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙලා //
දුර අහසේ නොපෙනී යනවා //
කවියක් ගීයට හැරුණ කලක්දෝ //
ඉපනැලි නලියනවා //
මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රතුවෙනවා
එක දෙක දියරැලි සුළඟට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
මුතු අමුනා ගී මුමුණා //
දුර වෙරළට රැළි ඇද්දෙනවා //
මින්නේරිය වැව පටසළු ඇඳගෙන //
ඔන්චිලි පැද්දෙනවා //
මහසෙන් රජ වැඳ නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
ආවුරුදු දහසක් කෙත්බිම් සරුකොට
හිනැහී සැනහෙනවා
යල වපුරා මහ වපුරා //
ගොයමට දිය රැළි නංවනවා //
මින්නේරිය වැව හෙට හී කවියේ //
උදයට ළංවෙනවා //
ගායනය - නාලිනී රණසිංහ
පද රචනය - මර්සිලින් ජයකොඩි පියතුමා
තනුව - පී. ඩන්ස්ටන් ද සිල්වා
No comments:
Post a Comment