Wednesday, March 4, 2015

කුමරියක පා සළඹ සැලුනා

කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා

උකුළ ළැම හස මලවි කරළිය
මුවාකල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සළෙලුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මෙමා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුනා

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තළා සිඳ කම්පනය කරවයි
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මෙමා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය

කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක


No comments: