Monday, March 30, 2015

ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති
දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත්
සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව - ඩෙනිස්ටර් පෙරේරා

No comments: