Monday, March 30, 2015

දිගැසියේ

දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
සඳ දියේ සඳ සිහිල සිඹින
තරු ඇසේ මුදු සිහින පතක
දැවටී ඉන්නම්

ගිම් නිවා ගිම්හානයේ
මල් පොකුරු පුරෝගෙන
ලිය මඬුලු රටා වියනා
හසකැන් ලිහා වස්සානයේ
ඇවිදන් යන්න යමු ප්‍රේමියේ

දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්

තටු සලා නිල් ආකහේ
පවනැල්ලෙ එතීගෙන
සිත් කවුළු පියන් හරිනා
සුවඳින් ඔබේ කිඳුරාවියේ
හැඟුමන් දෙන්න කල්පාන්ථයේ

දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
සඳ දියේ සඳ සිහිල සිඹින
තරු ඇසේ මුදු සිහින පතක
දැවටී ඉන්නම්

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ
තනුව - නවරත්න ගමගේ

No comments: