එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්
සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවුණාද
අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත් වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්
මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද
සැණකෙළියේ අපේ පැතුම් විසිරී පැතිරී ගියාද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත් වල ලියවුණු පොඩි රහසක්
ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

No comments:
Post a Comment