Wednesday, March 4, 2015

බඹරකු ආවයි

බඹරකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි එලෝ ගැබේයා  ...//

සීත හිමේ ලෙනකට පිවිසුණදෝ
ඈත එපිට ගිරි කුළකට ගියාදෝ ...//
මෑත මෙපිට මේ අඩෙහිම ලගීදෝ
දෑස අඳුරුවී මා තනි වුණාදෝ

බඹරකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි එලෝ ගැබේයා

සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරෙන්
නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන් ....//
බල බිඳ දමා හිරු යන විට අවරගිරෙන්
බලමින් පිපුණු මල් පැණි බොනු රිසිව වරෙන්

බඹරකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි එලෝ ගැබේයා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: