අනන්තයේ පාර සොයා
වලාකුළක නැඟී
ඔබයි ගියේ අහස් තලේ
මුලාවෙලා ජීවිතේ
අනන්තයේ පාර සොයා
වලාකුළක නැඟී
වලාකුළේ හැඩ නෑ එක ලෙසේ
මැකී මැකී දේ නෙක රූ රටා
පොළොවට දොස් කියා
අහස අගය කළා
ඔබේ ගතී
සිතේ හැටී
නොයේ මැකීලා
අනන්තයේ පාර සොයා
වලාකුළක නැඟී
ඔබයි ගියේ අහස් තලේ
මුලාවෙලා ජීවිතේ
අනන්තයේ පාර සොයා
වලාකුළක නැඟී
සිනා මැකී කිමදෝ ඔබ වතේ
පමාවෙලා ඇයි මේ පෙරමඟේ
පියපත් බිඳිලා මේ
හිටි කළ සිහි වුණේ
මගේ හදේ රුවක් හිඳී
ඔබෙන් මිදීලා
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - දයා ද අල්විස්
තනුව සහ සංගීතය - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment