Sunday, March 22, 2015

මා හිස පිරිමැද

මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ .....//

මගෙ ජීවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැණුනේ
එතරම් අසරණවී
නෑ කිසි දින තනිවී

මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ

කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවිකමකී
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ

මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - දයා ද අල්විස්
තනුව - චන්ද්‍රදාස බෝගොඩ

2 comments:

කතන්දර පොත said...

මේ ගිය ලීවේ දයා ද අල්විස් නොවේද?

Gee Arana ගී අරණ said...

ඔව්. ඔබ හරි. අකුරුකරණයේ දී වූ දෝෂයක්. (Lables වලින් එය පේනවා)
ස්තුතියි.