Wednesday, April 8, 2015

බමර රාව

බමර රාව නැංවෙනා
අඳුරු ලෙන තුළේ
මල් පිපී රොනින් පිරේ
සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙළින් පෙළේ
සිංහබා පුතුණි බිඳින්
ලෙන් දොරේ බලේ

ගැලියේ බිහි දොරින් ඇසේ
ළහිරු කැන් සිනා
තෙමංසලට මං කියාවි පහන් තාරකා
වන හිසින් ගලා හැලේ
කුරුලු ගීතිකා
ඒ උදාන ගීතයයි
නව දිනක් පතා

වටු රැළක් ලෙසින් හඹා
මිදී එන දිනේ
කෙවිලියනි මිහිරි සරින්
ගයව් පා සෙනේ
යදම් බිදී සුරත් සැලේ
සුනිල් නිලම්බරේ
ළපලු සේ සැලෙන්නෙපා
පුතුන් එන දිනේ

බමර රාව නැංවෙනා
අඳුරු ලෙන තුළේ
මල් පිපී රොනින් පිරේ
සුරත් කුසුම් කුලේ
තටු කඩා දැමූ බිඟුන්
එයි පෙළින් පෙළේ
සිංහබා පුතුණි බිඳින්
ලෙන් දොරේ බලේ

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - විජිත් කණුගල
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: