විනිසුරාණන් ඔබයි
ප්‍රේමයේ අවනඩුව අසනා
සත්‍යය යි ඇසින් වට කදුළු
යුක්තියයි ඔබ ම සිඳ දැමුණු
විත්තියයි මට උරුම කෙරුණු
ස්වාමිනේ
ස්වාමිනේ
පාරමී පුරණ උවැසියක වී
ඔබ දෙසූ පෙම් දහම් ඇසුවෙමි
ඒ දහම්
නිර්මලය නිකැළැල්ය සිතා මම
ඔබේ පිළිසරණය ම පැතුවෙමි
වරදකට වුණා නම් එපමණයි
ස්වාමිනේ
ස්වාමිනේ
වලාකුළු අතර කිරිලියක වී
ඔබ දෙඩූ පෙම් පැතුම් පිරූවෙමි
ඒ පැතුම්
නිවහල්ය නිදහස්ය සිතා මම
ඔබේ රැකවරණය ම පැතුවෙමි
වරදකට වුණා නම් එපමණයි
ස්වාමිනේ
ස්වාමිනේ
විනිසුරාණන් ඔබයි
ප්‍රේමයේ අවනඩුව අසනා
සත්‍යය යි ඇසින් වට කදුළු
යුක්තියයි ඔබ ම සිඳ දැමුණු
විත්තියයි මට උරුම කෙරුණු
ස්වාමිනේ
ස්වාමිනේ
ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - සුනිල් ආර්. ගමගේ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment