Wednesday, April 8, 2015

ආදරය අරන් ඇතිවන තුරු

ආදරය අරන් ඇතිවන තුරු   
රිදවන්න මගේ හිත නිරතුරු
ඔබට සතුට දැනෙන තුරු
පාරන්න හිත මගේ
කඳුළු කඩා හැළෙන තුරු

ඔබෙ සිනහව කල එළි කළ
ඔබ නොදන්න මගෙ කඳුළු ...//
ඒ කඳුළු ඔබට අමතකයුරු
මගෙ ඇසට නැවත ගෙනෙයි කඳුළු

ආදරය අරන් ඇතිවන තුරු   
රිදවන්න මගේ හිත නිරතුරු
ඔබට සතුට දැනෙන තුරු
පාරන්න හිත මගේ
කඳුළු කඩා හැළෙන තුරු

අද ඔබ වට රජ ඉසුරු
මහ පිරිවර සිරි මැදුරු ...//
ඒ ඉසුරු දිනෙක වුනොත් සතුරු
යළි මම ඉන්නම් ඔබ ළඟ නුදුරු

ආදරය අරන් ඇතිවන තුරු   
රිදවන්න මගේ හිත නිරතුරු
ඔබට සතුට දැනෙන තුරු
පාරන්න හිත මගේ
කඳුළු කඩා හැළෙන තුරු

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - රවි සිරිවර්ධන
තනුව හා සංගීතය - කරුණාරත්න විජේවර්ධන

No comments: