Friday, April 3, 2015

මළ ඉර බසිනා සැන්දෑ යාමේ

මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ ...//
සුළඟේ දැවටී ඔබට හොරෙන්
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැළි දෑතින් ඔබ හිස අතගා

සියුමැළි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිණි කඳුළක් රඳවා ...//
සුසුමක් වාගේ ඉන් පිටවී
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී

අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

ඔබගෙන් වෙන්වී මම යන්නම්//

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්.ඩීඅමරදේව


2 comments:

ගල්මල්-Coral said...

//නිදි නැති යානේ රෑ යාමේ//
නිදි නැති යහනේ රෑ යාමේ වෙන්න ඕන නේද?

Gee Arana ගී අරණ said...

ඔව්. අකුරු කරණයේදී වූ දොසක්. ස්තුතියි පෙන්වා දුන්නට.
නිවැරදි කරන ලදී.