Tuesday, April 28, 2015

ගඟ යන්නෙ කොහෙද ගලා

ආහා හා.....
ආ හා.....
ආ හා හා.....
ආහහා හහා හා හා......

ගඟ යන්නෙ කොහෙද ගලා //
සාගරයෙ ජලය බලා (අහා)
යයි දවස අඳුර සොයා
සඳ කැන් මුහුදට ගියා (ම්හ්)
ගඟ යන්නෙ කොහෙද ගලා
සාගරයෙ ජලය බලා

සිතුවිලි පිබිදෙන සිතේ //
සෙනෙහසට බැඳී යතේ (අහා)
සිත ඒද කොතැන කරා
ආදරයෙ රසය උරා (ම්හ්)
සිතුවිලි පිබිදෙන සිතේ
සෙනෙහසට බැඳී යතේ

මහ රැසකි ගුවනෙ වලා
එක අහසකි තැනිතලා ...//
එකම වෙණ තෙහි පියේ
නෙක මිහිරී තනු වැයේ

ගඟ යන්නෙ කොහෙද ගලා
සාගරයෙ ජලය බලා
යයි දවස අඳුර සොයා
සඳ කැන් මුහුදට ගියා
ගඟ යන්නෙ කොහෙද ගලා
සාගරයෙ ජලය බලා

මේ ලොවෙහි රස හුඟයි
ඒ නමුදු එක දිවයි .....// 

තරුණ හදේ හැඟුම් පෙළයි
එක අඟනා එය තනයි ...//

රුව රුවට හාවුණා
හද හදට පෑහුණා .....//

නෙත නෙතට ලක්වුණා
හිත හිතට එක්වුණා ....//

රස රසට මුසුවුණා
අම මිහිර බේරුණා.......//

ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල 
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
අනුකාරක ගීයක් ද ස්වතන්ත්‍ර නිර්මානයක්ද යන්න නොදනී.
1965 දී තිරගතවූ "යට ගිය දවස" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.
මෙහි ඇතුළත් වන්නේ සිනමා කෘතියෙන්ම උපුටා ගත් ගායනය හා මුල් පද රචනයයි.

"එකම වෙණ තතෙහි පියේ
නෙක මිහිරී තනු වැයේ" ලෙස වූවා නම් වඩාත් අලංකාර යයි හඟිමි.

 මුල් ගීය


අමිත් වල්පොල සමගින් කළ ගැයුමක්

No comments: