Sunday, April 5, 2015

මගේම චිතකය

මගේම චිතකය ඇවිළී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි //

ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියා නම් වැළපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරණම ඒ විලසයි

වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක්‌ හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි

මගේම චිතකය ඇවිළී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි //

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා

No comments: