කොමළ නමුණුකුළ නුඹගේ
පුංචි පුංචි මල් වනන්තරේ
පංච වර්ණේ
රංචු රංචු සමනල සේනා
පෙරහැරේ යන්නා
ඒ පාර දිගේ
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ
ළමැද වසාගන්නත් මදී
වලා සළු පටින් මුහුණ වසා
බලා සිටිද්දී ඇස් දෙක නිල්වන්
කොමළ නමුණුකුළ කුමරී
රුව බැබලී රන්කඳ කොමළී
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ
මුහුණ බලාගන්නැයි කියා
ඔබේ දෙතොල රැඳී සුවඳ දිගේ
හඬා වැටි වැටී එන්නට හිත්වෙන
කොමළ නමුණුකුළ කුමරී
රුව බැබලී රන්කඳ කොමළී
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ
කොමළ නමුණුකුළ නුඹගේ
පුංචි පුංචි මල් වනන්තරේ
පංච වර්ණේ
රංචු රංචු සමනල සේනා
පෙරහැරේ යන්නා
ඒ පාර දිගේ
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
No comments:
Post a Comment