මේ රාත්‍රිය එළි නොවේවා
හෙට උදේ ඔබෙන් සමුගනිම් මා
එහෙයින්ම මේ රාත්‍රිය
එළි නොවේවා
ඔබ හිඳි මේ ඝණ අඳුර
සොඳුරුවේ සොඳුරුවේ
හිරු නැඟෙන
මල් පිපෙන
උදෑසනට වඩා
සමු ගනිම්
හෙට උදෙන්
මා ඔබෙන් මා ඔබෙන්
එහෙයින්ම මේ රාත්‍රිය
නිම නොවේවා
මේ රාත්‍රිය එළි නොවේවා
හෙට උදේ ඔබෙන් සමුගනිම් මා
එහෙයින්ම මේ රාත්‍රිය
එළි නොවේවා
ඔබ නුවන් තාරකා
දිලි දිලී දිලි දිලී
මා නුවන් වශී කළ
බඳී මේ ඝණදුරේ
ඒ බැඳුම්
හැර දමා
යනු නොහේ යනු නොහේ
එහෙයින්ම මේ රාත්‍රිය
නිම නොවේවා
මේ රාත්‍රිය එළි නොවේවා
හෙට උදේ ඔබෙන් සමුගනිම් මා
එහෙයින්ම මේ රාත්‍රිය
එළි නොවේවා
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ජී.එච්.තේ. රත්නසිරි
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
No comments:
Post a Comment