මේ
හිතට දුක දැනෙනා
වෙලාවයි
මේ
හිතට දුක හිතෙනා
වෙලාවයි
මේ
හිතට දුක දැනෙනා
වෙලාවයි
මේ
හිතට කවි හිතෙනා
වෙලාවයි
විෂ මතක පොවා
හී පහර එවා
නුඹ ගෙනෙන්නෙ නිරතුරු රිදවුම්
සර පහර වැදී
හද සිදුරු වෙවී
මේ ගලන්නේ
වැගිරී කවි කම්
ගැල් බරට ගෙනා
දුක් කඳුළු දරා
යම් දිනයක වන මුත් මිහිදන්
දෙව් ලොවට පවා
මතු සුවඳ ගෙනේ
මල් පරසතු වන්
මේ රිදවුම්
මේ
හිතට දුක දැනෙනා
වෙලාවයි
මේ
හිතට කවි හිතෙනා
වෙලාවයි
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - මහින්ද බණ්ඩාර
No comments:
Post a Comment