Monday, April 13, 2015

සුළඟේ පාවී


සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුනේ

සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

ගී පොතේහී මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
හෙළූ බැලුම් ප්‍රියේ

සුළඟේ පාවී
ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි (සුපර් ගෝල්ඩන් චයිම්ස් සමග)
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1975 දී නිකුත් කළ "මට ඔබ ලියූ ගී" තැටියට ඇතුළත් වූ ගීයකි. (EP 1975 Shans / Shans - 1111)

No comments: