Thursday, April 2, 2015

හිතේ පිපෙන මල්

හිතේ පිපෙන මල්
හිත් දෙවැටේ යා
දැලේ බමර වැල්
හිතවට කැරකේයා
ළඳේ නුඹේ සුවඳ ගෙනේයා

නෙතේ සසල නිල් මහනෙල්  ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද සිහිල ගෙනාවෝ

හිතේ පිපෙන මල්
හිත් දෙවැටේ යා
දැලේ බමර වැල්
හිතවට කැරකේයා
ළඳේ නුඹේ සුවඳ ගෙනේයා

මදන මතින් මත් විහඟුන් බමන සැඳෑවේ
සසල හැඟුම් සිත් සයුරින් දෙතෙර ගලා ඒ

හිතේ පිපෙන මල්
හිත් දෙවැටේ යා
දැලේ බමර වැල්
හිතවට කැරකේයා
ළඳේ නුඹේ සුවඳ ගෙනේයා

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: