සඳක සිහිල විඳී
දෙඅත දෙඅතෙ බැඳී
ඇය මා ළඟ හිඳී ...//
නුපුරුදු රස තබා
දෙනයන දී පබා
මවෙත ඇදෙන නොබා
සුළඟකි ගිය හඹා
හිරුගෙ කිරණ බිඳී
සඳක සිහිල විඳී
දෙඅත දෙඅතෙ බැඳී
ඇය මා ළඟ හිඳී
පවන ඔබගෙ හඬයි
නයන රුවට හඬයි
ඔබ මට හිමිවුණයි
ඔබටම මා කැපයි
හිරුගෙ කිරණ බිඳී
සඳක සිහිල විඳී
දෙඅත දෙඅතෙ බැඳී
ඇය මා ළඟ හිඳී ...//
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment