නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නෙ දෙන්න ඇසේ කැළුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න
ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුළැලි දෙන්න
ඉරට හඳට එළිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එළන්න ඔබෙ කෙහෙරැලි දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න
කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න
නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නෙ දෙන්න ඇසේ කැළුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න
තණ නිල්ලට ඔබෙ දෙපතුල මොළකැටි බව දෙන්න
නළ රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජීවත්වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
එපා මැණිකෙ හිත පමණක් කිසිවෙකුටත් දෙන්න
එපා මැණිකෙ හිත පමණක් කිසිවෙකුටත් දෙන්න
එපා මැණිකෙ ....
හිත පමණක් ....
කිසිවෙකුටත් දෙන්න ....
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment