Thursday, April 2, 2015

කොතැනද අද ඔබ ඉන්නේ

කොතැනද අද ඔබ ඉන්නේ

කොතැනද අද ඔබ ඉන්නේ
පිණි මුතුලැල් කඩා හැළී
සීතල සඳ පිපුණු රැයක
ආදරයෙන් උමතු වී බැඳී
මා ඇකයෙහි සැතපුණ සොඳුරි
කොතැනද අද ඔබ ඉන්නේ

අතීතයේ එක් දිනකුදු
නොදැක සිටින්නට නොහැකිව
අනන්ත රැකවල් මැද වුව
නිබඳ මවෙත ළං වූ අහිංසකාවියේ
කොතැනද අද ඔබ ඉන්නේ

දිවි ඇති තුරු එක සෙවණක
සැනසෙන්නට පෙරුම් පිරූ
පෙර අප හද වූ සෙනෙහස
කොතැනක සැඟවුනිදෝ නිසංසලාවියේ
කොතැනද අද ඔබ ඉන්නේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: