Thursday, April 2, 2015

මිනිස් වග හට

මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

මිනිස් අයිතිය කසුන් නිදහස
ප්‍රජාතන්ත්‍රික දැහැමි දිවි මඟ ...//
ලොවට හෙළි කළ දම් රජිඳු ඔබ

මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

මිනිස් සැනසුම සදන මැදි මඟ
සනාතන සාමයේ මාවත ...//
ලොවට හෙළි කළ දම් නියමු ඔබ

මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ ...///

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඩබ්.ඒ. අබේසිංහ
තනුව - සෝමපාල රත්නායක

No comments: