කෝමල ඔබ මා නෙතට අඳුන්
අමල් බිසෝ මගේ අමල් බිසෝ
අමල් බිසෝ මගේ අමල් බිසෝ
ඔබගෙන් මා හදවත උණුසුම්...
පැතුමන් පිරුණැයි දෙපය බිම හෙලා ඉන්න හැකී
ආදරයෙන් අනාගතේ සරසන්න හැකී
බුහුමන් ලැබුණැයි රජ වාසල වෙත යන්න හැකී
උදම් හිතින් මතුදා හිරු දැක ගන්න හැකී
මිහිරෙන් මා දිණු බාල ලඳුන්
කෝමල ඔබ මා නෙතට අඳුන්
අමල් බිසෝ මගේ අමල් බිසෝ
අමල් බිසෝ මගේ අමල් බිසෝ
ඔබගෙන් මා හදවත උණුසුම්
හැඟුමන් ඔකඳයි රන් අසිපත ලෙළවන්න හැකී
අවබෝදෙන් එහි මුවහත ජයගන්න හැකී
පියුමන් පිපුණැයි මල් මාලා අමුණන්න හැකී
නවෝදෙකින් ආයෙම මෙහි පැමිණෙන්න හැකී
මිහිරෙන් මා දිණු බාල ලඳුන්
කෝමල ඔබ මා නෙතට අඳුන්
අමල් බිසෝ මගේ අමල් බිසෝ
අමල් බිසෝ මගේ අමල් බිසෝ
ඔබගෙන් මා හදවත උණුසුම්
අමල් බිසෝ..... මගේ.... අමල් බිසෝ.....
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
අපරාධය සහ දඬුවම (1973) චිත්‍රපටියෙන්
දුර්වල හඬ තත්වය ගැන කමා කරන්න.
No comments:
Post a Comment