Thursday, April 2, 2015

මල් පිපුනට ලොව මල් කුමටදෝ

මල් පිපුනට ලොව මල් කුමටදෝ
ඔබ ඇති තැන වෙන මල් කුමටදෝ
හිරු සඳු මන්දෝ ඔබ ඇති තැන මට
මාගෙ හදවත් අහස් ගැබේ
ඔබ මගෙ හිරු සඳු වේ සදා
ඔබ මගෙ හිරු සඳු වේ සදා

මල් පිපෙනා කාලේ වසන්තයේ
පිපි මල මා හද තුල ඔබ වෙතේ
බමරු මෙමා නම් පියඹා පියඹා
පියඹා විත් ඔබ සිප වෙළමි
මා හද තුල ඔබ සංගමි
මා හද තුල ඔබ සංගමි

සුවඳ ඔබ නම් මා කුමරී
සුළඟ මම වෙමි පිය කුමරී
මාගෙ කුමරෝ නොයනු මැනේ
ඔබේ සුළ‍ඟේ මා පැටලෙම්
සිහින ලොව මගෙ
කුමරි ඔබ වෙතේ
නොයනු මා හැරදා

හැලෙන ඇල්ලයි ඔබ කුමරි
තුෂාරයවී ඔබ වෙළමී
ඔබෙ තුෂාරය වෙළනු මැනේ
ඒ අතරේ හිඳ මා රඟනෙම්
ඈත කඳු මතින්
ගලා එන්නේ
මාව සිප ගන්නයි

මල් පිපුනට ලොව මල් කුමටදෝ
ඔබ ඇති තැන වෙන මල් කුමටදෝ
හිරු සඳු මන්දෝ ඔබ ඇති තැන මට
මාගෙ හදවත් අහස් ගැබේ
ඔබ මගෙ හිරු සඳු වේ සදා
ඔබ මගෙ හිරු සඳු වේ සදා

මල් පිපෙනා කාලේ වසන්තයේ
පිපි මල මා හද තුල ඔබ වෙතේ
බමරු මෙමා නම් පියඹා පියඹා
පියඹා විත් ඔබ සිප වෙළමි
මා හද තුල ඔබ සංගමි
මා හද තුල ඔබ සංගමි

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
පද රචනය - සුරංජි ෆොන්සේකා
තනුව - ඩී.ආර්. පීරිස්
පළඟැටියෝ චිත්‍රපටියෙන්

No comments: