ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...//
නිල්ල නිලන ගහකොළ මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වට කොට රංචු ගැසීලා
පින්න පිපීලා ඈ ළඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වට කොට රංචු ගැසීලා
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්
සිංදු කියන බමරු විලස ළංව නැමීලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
ළංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...//
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment