Thursday, April 2, 2015

මල් වයසේ මධු සිහිනේ

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ

ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ ...//

බඹරෙකි කුසුමකි
එක්ව ගී ගැයුවේ
මොණරෙකි උරගෙකි
නෑ වෙලී රැඟුවේ ...//

සඳ වට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ ...//

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ

අඳුරු ගැබේ කඳු මුදුනේ
පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ
හඳ පායාපන්නේ

නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර සිත නිසලයි ...//

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
දුක් නිවිලා
සිත් නිවිලා
ජීවිත පහන් සැලේ

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක, එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය - සෝමපාල ලීලානන්ද
තනුව - සරත් දසනායක
"කස්තුරි සුවඳ" චිත්‍රපටියෙන්

No comments: